අපි ගැන

දැනුම, විනෝදය, තාක්ෂණ හැම දෙයක්ම අඩු නැතුව ඔබට ගෙන එන හොඳම රෙසපිය හත්මාළුව

අපිට ලියන්න, කතා කරන්න

මේ කියන්න යන්නෙ හැන්ඩි කොල්ලොන්ටනම් එච්චර සුබ ආරංචියක් නෙවෙයි. මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනයකින් හෙළිවෙලා තියනවා හොඳ පෙනුමක් ඇති පිරිමින්ට ඉහළ තරඟකාරී ක්ෂේත්‍රවල රැකියාවක් ලබා ගැනීම දුෂ්කර බවයි.

පරීක්ෂකයින් හොයාගෙන තියන විදිහට සම්මුඛ සාකච්ඡාවලදි භෞතික පෙනුමෙන් ආකර්ෂනීය පිරිමින්ට කොච්චර සුදුසුකම් තිබ්බත් රස්සාව නොලැබීයන්න පුලුවන්ලු, ඒ ආයතන ප්‍රධානින් ඔවුන්ව තමන්ට අනාගතයේ එල්ලවියහැකි තර්ජනයක් විදිහට දකින නිසා කියලයි කියන්නෙ. (ඒනම් පැහැදිලි ඊරිසියාව ඉතින්) ගොඩක් වෙලාවට මේ ප්‍රවනතාව තියෙන්නෙ විකුණුම් ක්ෂේත්‍රයේ රැකියාවන්වලදියි.

වඩාත් ආකාර්ශනීය පිරිමි වඩා වැඩිමුදලක් උපයන්නන් හා වැඩට දක්ෂයන් ලෙස සලකනු ලබන බව මින් පෙර පරීක්ෂණයකින් සොයාගෙන තිබුණා.

තාම ජොබ් එකක් නැද්ද? ඉන්ටවිව් ගියාට ජොබ් එක සෙට් වෙන්නැද්ද? කලබලවෙන්න එපා සමහරවිට හැන්ඩ්සම් වැඩි නිසා වෙන්නත් පුලුවන්. රඟපාන්න පුලුවන්ද කියලා ට්‍රයි එකක් දීලා බලන්න.

Like
Like Love Haha Wow Sad Angry
51
Share:

Avatar

administrator