අපි ගැන

දැනුම, විනෝදය, තාක්ෂණ හැම දෙයක්ම අඩු නැතුව ඔබට ගෙන එන හොඳම රෙසපිය හත්මාළුව

අපිට ලියන්න, කතා කරන්න

පසුගිය වසරේ සමාජ මාධ්‍ය ජාලා වල පවා ලොකු කතාබහකට ලක් උනා ‘චන්ද්‍රයාන්-2’ ගැන.
මතක් වෙන විදිහට තේරෙන බාසාවෙන් කියනවනම් ඉන්දියාවෙ ලක්ෂ ගානක් මිනිස්සු එදා වේල කන්න බැරුව ඉද්දි ඒ රටෙන් මිලියන ගානක් වියදම් කරල අසාර්ථක අභ්‍යාවකාශ මෙහෙයුමක් කළා කියල කතාවක් ගැන. රටේ මොන ප්‍රශ්න තිබ්බත් ඉතිං ඉන්දියාවට ඕනෙ තමන්ගෙ බලේ ලෝකෙට පෙන්නන්න. ඒක විවාදාත්මක කරුණක්…. කෙසේවෙතත් ඔන්න ඉන්දියාව ආයෙත් ඒකට උත්සහ කරනවා.
හැබැයි ලෝකෙ කවුරුත් නොකරපු විදිහෙ දෙයක් සඳ මතුපිට සිදු කරන්නයි උත්සහ කරනව කියන්නෙ.

ඉන්දියාවෙ අභ්‍යාවකාශ ඒජන්සියෙ සභාපති කියන්නෙ නව මෙහෙයුම මේ වසරෙදි(2020) සිදුවිය හැකි බවයි.
ඔවුන්ගේ අවසාන මෙහෙයුම චන්ද්‍රයා මතුපිටට ගොඩ බෑමට යන අවස්ථාවේදී මාස කීපයකට පෙර විනාශ වී තිබිය දී,
නැවත තුන්වන චන්ද්‍ර මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර ඇත. ඉන්දියාවේ අභ්‍යාවකාශ ඒජන්සියෙ සභාපති කේ.සිවන් පවසන්නෙ
“චන්ද්‍රයාන්-3” මිනිසුන් රහිත මෙම මෙහෙයුමේ කටයුතු වඩාත් සියුම්ව සිදුකරන බවයි. 2020 දී මෙහෙයුම දියත් කිරීමට රට අපේක්ෂා කරත් එය 2021 දක්වා ව්‍යාප්ත වියහැකි බව ඔහු පවසනවා.
එය සාර්ථක වුවහොත් , සඳ මත මෘදු ගොඩබෑමක් අත්කරගත් සිව්වන රට බවට ඉන්දියාව පත්වෙනව.
මේ දක්වා සඳෙහි මතුපිටට සාර්ථක මෙහෙයුමක් දියත්කර ඇත්තේ රුසියාව, එක්සත් ජනපදය හා චීනය පමණයි.

ඉන්දීය අභ්‍යාවකාශ පරීක්ෂණ සංවිධානය (Isro) වාර්තාකරුවන්ට කියල තියෙන්නෙ ‘පෙර මෙහෙයුමට’ ඉතා සමාන වින්‍යාසයක්
“චන්ද්‍රයාන්-3” මෙහෙයුමටත් ඇති බවයි.එය Isro විසින් මෙතෙක් උත්සහ කරල තියෙන වඩාත්ම සංකීර්ණම මෙහෙයුමයි.
එහි ඉලක්කය වුනේ සඳෙහි දකුණු ධ්‍රැවයට ගොඩ බැස්වීමයි. තාම ඒ පැත්ත්ට වෙනත් යානයක් ළඟා වෙලා නෑ.
හඳට ගිහින් කරන්න බලාපොරොත්තු වෙන්නෙ ජලය සහ ඛණිජ සෙවීම මෙන්ම සඳෙහි වන කම්පන ආදිය මැනීම කියලයි ඔවුන් කියන්නෙ.

පසුගිය සැප්තැම්බරයෙ ඒ සංකීර්ණ චන්ද්‍ර මෙහෙයුම් මොඩියුලය බිඳවැටුනත් නව මෙහෙයුම එම ප්‍රදේශයටම ගොඩබසින බවත්,
මෙහි පූර්වගාමියා මෙන් “ලෑන්ඩර්”, “රෝවර්” සහ ප්‍රචාලන මොඩියුලයක් ඇති බවත් පැවසෙනව.
නව උපකරණ සඳහා ඩොලර් මිලියන 35 ක් පමණ වැය වන අතර මෙහෙයුමේ සම්පූර්ණ පිරිවැය සැලකියයුතු ලෙස වැඩිවෙනු ඇත.
මේ සඳහා අවශ්‍ය කක්ශය දැනටමත් ඇති නිසා පිරිවැය අඩු කරගන්න පුළුවන් කියල ඔවුන් කියනව.

රුසියානු දැනුමත් එක්ක මිනිසුන් අහ්‍යාවකාශ ගතකරන්නත් 2022 වන විට බලාපොරොත්තු වෙනව කියල තමයි අපේ අසල්වාසී ඉන්දියාව කියන්නෙ.

Like
Like Love Haha Wow Sad Angry
2
Share: