අපි ගැන

දැනුම, විනෝදය, තාක්ෂණ හැම දෙයක්ම අඩු නැතුව ඔබට ගෙන එන හොඳම රෙසපිය හත්මාළුව

අපිට ලියන්න, කතා කරන්න

ඕස්ට්‍රේලියාවෙන් මේ දවස්වල ඇහෙන්නෙ එච්චර සුන්දර කතානම් නෙවෙයි. රට පුරාම ලැව්ගිනි නිසා දස දහස් ගණනක් මිනිස්සු අසරණ වෙලා. තව ලක්ෂ ගාණක් අහිංසක සත්තු ලැව්ගින්නෙන් දැවිලා මියගිහින්. අපි ඔක්කොටම කලින් ප්‍රාර්ථනා කරමු. ඒ ලැව්ගිනි නිවිලා මිනිස්සුයි, අසරන සත්තුයි බේරෙන්න කියලා.

කොහොමහරි මේ අසුන්දර කතා අතරින් ඇහෙන සුන්දර කතාවක් ගැන තමයි අපි මේ කියන්න යන්නෙ. ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයේ සුරතලෙක් කරපු හරි අපූරු වැඩක් තමයි මේ.

මැක්කින්සන් පවුල ඕස්ට්‍රේලියාවේ ඉන්න පවුලක්, එයාලගේ ජීවිතනම් කවදාවත් කම්මැලි උනේ නෑ, ඇයි එයාලට ඉන්නව හරිම අපූරු ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයේ සුනඛ මිතුරන් දෙන්නෙක්ම. මේ අපි කියන්නෙ ඒ දෙන්නගෙන් “ආශා” කරපු වීර ක්‍රියාවක් ගැන.

කෙරී මැක්කින්සන් මහත්මියට උදේම ඇහිලා තියනවා එයාගේ මහත්තයා ගෙදර ඉස්සරහ ඉදන් කෑගහනවා දෙයක් පෙන්නන්න තියනවා ඉක්මනට එන්න කියලා. කෙරී මහත්මිය කියන විදිහට එයාට එකපාරට හිතිලා නෑ මේ මොනවා පෙන්නන්න කතා කරනවද කියලා. ඒත් එයා ගෙදර ඉස්සරහට ගියාම දැකපු දෙයින්නම් ඇත්තටම පුදුමයට පත්වෙලා තියනවා.

මෙන්න ආශගේ ඇඟ උඩ කෝලා බබෙක්. ආශාත් ආසාවෙන් කෝලා බබාව පිට උඩ තියාගෙන එයාගේ හුරතල් බල බල තමයි ඉදලා තියෙන්නෙ.

කෙරී මහත්මිය හිතන්නෙ කෝලා බබාව එයාගේ අම්මට මඟ හැරිලා කොහෙ හරි වැටිලා ඉද්දි ආශා අරන් එන්න ඇති කියලා. ඇත්ත දැනගන්න ඉතින් ආශාටවත් කෝලා බබාටවත් කතාකරන්න බෑනේ. කොහොමහරි ආශා කරලා තියෙන්නෙනම් ලොකු වීර ක්‍රියාවක්. ආශා නැතිවෙන්න සමහරවිට කෝලා බබා සතෙකුට අහුවෙන්න හරි, ලැව් ගින්නකට අහුවෙන්න හරි තිබ්බා. අශා ඇත්තටම වීරවරියක්.

ආශාට මේ දවස්වල හැමෝගෙන්ම සැලකිලිලු. එහෙම තමයි වීර වැඩක් කරාම. දැනට කෝලා බබාව ඒ සත්තු බලාගන්න තැනකට බාර දීලලු තියෙන්නෙ. එයාට තනියෙන් යන්න පුලුවන් තරමට ලොකු උනාම කැලේට මුදාහරිනවා කියලා තමයි එයාලා කියලා තියෙන්නෙ.

අපිත් ප්‍රාර්ථනා කරමු කෝලා බබාට ආයිත් එයාගේ ස්භාවික වාසස්ථනයට ගිහින් එයාගේ අම්මව ඉක්මනින්ම හොයාගන්න ලැබෙන්නයි කියලා.

මූලාශ්‍රය : animalforum.net

Like
Like Love Haha Wow Sad Angry
11
Share: