අපි ගැන

දැනුම, විනෝදය, තාක්ෂණ හැම දෙයක්ම අඩු නැතුව ඔබට ගෙන එන හොඳම රෙසපිය හත්මාළුව

අපිට ලියන්න, කතා කරන්න

කඩේකට ගියත්, ඔෆිස් එකට ගියත්, බස් එකේ කෝච්චියේ ගියත් කොටින්ම ෆෙස්බුක් පැත්තෙ ගියත් හැමෝම මේ දවස්වල කියන්නෙ කොරෝනා ගැන. ඇත්තටම කවුද මේ කොරෝනා?

කොරෝනා යනු සතුන් (ක්ෂීරපායින් හා කුරුල්ලන්) අතර බහුලව දකින්න පුලුවන් විශාල වෛරස් කාණ්ඩයක්, විද්‍යාඳයින් පවසන ආකාරයට ඉතාම දුර්ලභ අවස්ථාවන්හීදි මෙම කොරෝනා කාණ්ඩයේ සමහර වෛරසයන් සතුන් තුළ පරිනාමය වී මිනිසුන්ට බෝවෙන්න පුලුවන්.

මෙම කොරෝනා වෛරස් කාණ්ඩය ගැන මුලින්ම වර්තාවෙලා තියෙන්නෙ 1960 වගේ කාලයේ ඒ කුකුළන් අතර පැතිර ගිය වෛරසයක් හා පසුව එම කාණ්ඩයටම අයත් මිනිසුන්ට ආසාධනය වූ වෛරස 2ක් වශයෙන්. එතැන් පටන් අවස්ථා කිහිපයකදි කොරෝනා වෛරස මිනිසුන් අතර හමුවෙලා තියනවා ඒ 2003 වර්ශයේදි SARS-CoV, 2004දී HCoV NL63, 2005දි HKU1, 2012දි MERS-CoV, හා අලුතන්ම 2019දි හමුවූ 2019-nCoV වශයෙනි.

2019-nCoV

මේ දවස්වල කට්ටිය කතාවෙන්නෙ මෙයා ගැන, මේ අලුත් කොරෝනා වෛරසය ගැන මුලින්ම වර්තාවෙලා තියෙන්නෙ 2019 දෙසැම්බර් 31 වෙනිදා. චීනයේ වූහාන් නගරයේ පුද්ගලයෙකු නියුමෝනියා රෝඟ ලක්ෂණ සහිතව රෝහල්ගත කර අති අතර එය නව වෛර්සයක් මඟින් ඇතිවූවක් බව විද්‍යාඥයින් විසින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව තමයි ලෝක සෞඛය සංවිධානය මෙම නව වෛරසය 2019-nCov (Novel Coronavirus) ලෙස නම් කරලා තියනවා. මෙම 2019-nCoV වෛරසය ප්‍රවේණිකව ~70%ක් පමණ SARS-CoV වෛරසය සමඟ සමානකම් පෙන්වන අතර, මෙය SARS තරම් දරුණුද යන්න තවම කිව නොහැකි බවයි පවසන්නෙ.

කොහොමද මේක මිනිස්සුන්ට බෝවුනේ?

දැනට සැකකරන ආකාරයට වුහාන්හී සත්ව වෙළද සැලකින් තමයි මේ රෝගය මුලින්ම පැතිරෙන්න පටන් අරන් තියෙන්නෙ. මේ වෙළද සැලේ ආහාර පිණිස සතුන් පණපිටින් අලෙවි කරනවා කියලා තමයි කියන්නෙ. එන්න එහෙම මේ වෙළදෙ සැලෙහි නාගයන් අලෙවිකරන අලෙවි හලක සේවකයන් මුලින්ම රෝග ලක්ෂණ පෙන්වලා තියනවා. මෙමෙ කොරෝනා වෛරසය පළතුරු වවුලන් ආශ්‍රිතවද හදුනාගෙන තියනවා. විද්‍යාඥයින් සැකකරන ආකාරයට මෙම නව වෛරසය වවුලන් අතර පැතිර තිබූ රෝගයක් වන අතර එම රෝගී වවුලන් ආහාරයට ගත් නාගයින්ගේ ශරීර තුල තිබූ වෛරසය ඔවුන්ගෙන් මිනිසුන්ට පැතිර ගොස් ඇත. දැන් චීන වෛද්‍ය කණ්ඩායම් හා විද්‍යාඥයින් පවසන්නෙ මෙය මිනිස්සුන්ගෙන් මිනිසුන්ට වාතය හරහා පැතිර යන බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය : http://j.mp/wcvirus

මෙම ලිපිය ලියන අවස්ථව වනවිට ( ශ්‍රී ලංකාවේ වෙලාවෙන් 2020.01.26 වන දින පස්වරු 3.00) කොරෝනා වෛරසය නිසා රෝගීවූවන් 2019 දෙනෙකු වර්තාවන අතර ඉන් 1979 චීනයෙන් වන අතර පිළිවලින් තායිලන්තයෙන් රෝගීන් 7ක්, හොන්කොන් හී 5ක්, ඕස්ට්‍රේලියාවේ 4ක්, ප්‍රංශයේ 3ක්, මැලේසියාවේ 3ක්, සිංගපූරුවේ 3ක්, දකුණු කොරියාවේ 3ක්, තායිවානයේ 3ක්, ජපානයේ 2ක්, මැකාවූහී 2ක්, ඇමෙරිකාවේ 2ක්, වියට්නාමයේ 2ක්, දකුණු ආසියාවේ රටක් වූ නේපාලයේ 1 අයෙකු වශයෙන් වෙයි. ඉන්දියාවේ රෝගීන් සිටින බවට කටකතාවක් පැතුරුණු අතර එය ඉන්දියානු රජය මගින් සනාථ කොට නැත.

ඊයේ දිනයේ ලංකාවේද රෝගීන් දෙදෙනෙකු රෝහල් ගතකල බව පැවසුවත් තවමත් ඔවුන්ට මෙම කොරෝනා වෛරසය අසාදනය් වී ඇතිද නැතිනම් සාමන්‍යය උණ රෝගයක්ද යන්න පවසා නැත. ඔවුන් දෙදෙනාට මෙම රෝගය නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

කෝරෝනා රෝඟ ලක්ෂණ මොනවද?

ප්‍රධාන වශයෙන්ම උණ, කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා මූලික ලක්ෂණ වන අතර ඔබ මෙම රෝග ලක්ෂණවලින් පෙළෙයිනම් නිසැකයෙන්ම කොරෝනා යැයි සැක කර බිය උපදවා නොගත යුතු අතර පවුලේ වෛද්‍යවරයාගේ සහය පැතීම හෝ ළඟම ඇති රෝහළෙන් ප්‍රතිකාර ගන්න.

නව කොරෝනා වෛරසය ශරීර ගතවී දින 14ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වා සිටි හැකි අතර, එහි රෝග ලක්ෂන පෙන්වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන බවද පැවසේ. සමහරුන්ට ඉතා අසාධ්‍යය ලක්ෂණ පෙන්වන අතර සමහරෙකුට සාමාන්‍ය උණ රෝගය හෝ කැස්ස පමණක් පෙන්වයි.

කෙසේවෙතත් ඔබ වෛද්‍යවරයාගේ රාජකාරිය නොකොට රෝග විනිශ්වය වෛද්‍යවරෙකුගෙන් කරගන්න.

නව කොරෝනාවලට බෙහෙත් තියනවද?

චීන බලධාරීන් පවසන ආකාරයට මෙම රෝගයට ප්‍රතිජීවකයක් තවම සොයාගෙන නැති අතර රෝග ලක්ෂණයන්ට ප්‍රතිකාර කිරීම හා පොදුවේ වෛරස් රෝගීන්ට දෙන ඖෂධ ප්‍රතිකාර, කැස්ස හා උගුරේ වේදනාව වලක්වන ප්‍රතිකර්ම, විවේකය හා විශාල වශයෙන් තරල පානයන් ලබාදෙයි. දැනට හමුවී ඇති රෝගීන්ගෙන් 49 දෙනෙකු මෙම ප්‍රතිකාරයන්ගෙන් සුවය ලබා ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනපද සෞඛ්‍ය ආයතනය පවසන්නෙ ඔවුන් ප්‍රතිජීවක ඖෂධයක් සෑදීමේ මූළික අදියර පසුකරමින් සිටින බවයි. තවද ජීවතාක්ෂණ දැවැන්තයෙකු වන Regeneron ආයතනයද ඖෂධයක් නිපැදවීමට පරික්ෂණ කරන බව සදහන් කර ඇත.

අපි ආරක්ෂාවන්නෙ කෙසේද?

දැනටනම් ශ්‍රී ලංකාවට එවැනි තර්ජනයක් ගැන වාර්තාවී නොමැති අතර, යම් තර්ජනයක් ආවොත් අදාළ සෞඛය අංශ ඔබව දැනුවත් කරනු ඇත. ඔබ විදෙස්ගත වන්නේ නම් ඔබට එහිදී ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතු අතර, විදේශයක සිට පැමිනෙන්නේනම් ගුවන් තොටුපළෙහි ස්ථාපිත තාප කැමරාවලින් ඔබව පරික්ෂා කරන අතර ඔබට යම් අපහසුතාවක් තිබේනම් වහාම ගුවන් තොටුපල බලධාරීන් දැනුවත් කරන්න. ඔබ සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ගුවන් තොටුපොල පරීශයේ රැදී සිටී.

තවද ඔබට සැකයක් පවතින්නේනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම යෝග්‍යවන අතර කොළඹ IDH රෝහල හා වෛද්‍ය පරීක්ෂණ ආයතනය කොරෝනා වෛරසය ඇති රෝගියෙක් වේනම් ඔහුට හෝ ඇයට ප්‍රතිකාර කිරීමට ඇවැසි සියළු විදි සූදානම් කර ඇත.

Like
Like Love Haha Wow Sad Angry
5
Share: