අපි ගැන

දැනුම, විනෝදය, තාක්ෂණ හැම දෙයක්ම අඩු නැතුව ඔබට ගෙන එන හොඳම රෙසපිය හත්මාළුව

අපිට ලියන්න, කතා කරන්න

සමහරු “ධවල අඟහරු” ලෙසත් හඳුන්වන හිමෙන් වැසුනු ඇන්ටාක්ටිකාවේ මිනිස්සු ජීවත්වෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 2005දි ප්‍රංශයේ හා ඉතාලියේ සුසං‍යෝගයෙන් කොන්කෝඩියා (Concordia) නමින් පිහිටවපු ධ්‍රැවීය පරික්ෂණ මධ්‍යස්ථානයේ තමයි ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් එහි පරික්ෂණ පවත්වන අතර 60කට ආසන්න පිරිසක් මේ හුදකලා හිමේ, සෘණ උෂ්ණත්වයක් හා අඩු ආලෝක තත්වයන් යතතේ ජීවත් වෙනවා, ඔහුන්ට හුස්මගන්න තියන ඔක්සිජන් ප්‍රමාණයත් සෑහෙන්න අඩුයි කියලා තමයි කියන්නෙ. සාමාන්‍යයෙන් අයෙක් මෙහි ගතකරන්නෙ මාස 9 – 12 කට අඩු කාලයක් උනත් එයාලා ඒකට මාස ගාණක ඉදන් සූදානම් වෙන්න ඕනේ, ඇන්ටාක්ටිකාවේ ජීවිතය එච්චරටම අමාරුයි.
කොන්කෝඩියාව සිලින්ඩරාකාර ගොඩනැගිලි 2කින් යුක්තයි. එක ගොඩනැගිල්ලක් හඳුන්වන්නෙ “Quiet (නිහඩ)” කියලා, ඒකේ තමයි විද්‍යාගාර, විසිත්ත කාමර හා රෝහල තියෙන්නෙ. අනිත් ගොඩනැගිල්ල “Noisy (ඝෝෂාකාරී)” නමින් හඳුන්වන්නෙ, නම වගේම තමයි ඒ ගොඩනැගිල්ලෙ ඝෝෂාවත් ජිම්, කෑම කාමර, ගබඩා, චිත්‍රපටි ශාලා වගේ දේවල් තියෙන්නෙ මේ දෙවෙනි ගොඩනැගිල්ලෙ.

  1. ඇන්ටාක්ටිකාවේ සාමාන්‍ය උෂ්ණත්වය -58°Fයි, අඩුම උෂ්ණත්වය -110°Fයි.

උණුසුම් ගිම්හානයේදී පවා උෂ්ණත්වය -20°Fට වඩා ඉහළ යන්නෙ නම් නෑ. සාමාන්‍ය බැක්ටීරියාවලටවත් එහි නොනැසී පවතින්න බෑ මිනිස්සුන්ටත් නොමැරී ඉන්නනම් විශේෂ ඇඳුම් ඇදගන්න ඕනේ. ගොඩනැගිල්ලෙන් පිටත්ට යනවනම් ඇඳුම් ස්ථර කිහිපයක්, විශේෂ සපත්තු, අත්වැසුම්, හා ගොගල්ස් පළදින්න වෙනවා. මේ ඇඳුම් කට්ටලය බරින් අභ්‍යවකාශ ඇඳුමකට සමානයි.

කොන්කෝඩියාව පිහිටා තියෙන්නෙ මුහුදු මට්ටමේ ඉදලා සැතපුම් 2.050 ක් ඉහළින් ඒ කියන්නෙ අපි දන්න කිලෝමීටර් වලින් කිව්වොත් 3.233ක් ඉහළින්. ඒ නිසා එහි වායු ගෝලය ඉතා තුනීයි වගේම ඔක්සිජන් ප්‍රතිශතය සෑහෙන්න අඩුයි. එහි වාතය ගදක් සුවදක් නැති තරම් පිරිසිදුයි, පරීෂකයන් පවසන විදිහට නැවත සාමාන්‍ය වාසස්ථානවලට ගියාම දැනෙන සුවදවල් ගොඩ නැති එයාලා කම්පනයට ලක්වෙනවලු.

2. අවුරුද්දෙන් මාස 4ක්ම තිත්ත කළුවරේ

ඇන්ටාක්ටිකාවට අපිට වගේ දිවා කාලයක්, රාත්‍රී කාලයක් කියලා නෑ. ශීත සෘතුවේදි ඉර ක්ෂිතිජයෙන් ඉහළට එන්නෙම නෑ ඒ නිසා ඒ මාස 4ම සම්පූර්ණයෙන්ම අන්ධකාරයි. ඒ කියන්නෙ මුළු දවසෙම රෑ වගේ. ගිම්හාන කාලේ මේකේ අනිත් පැත්ත ඉර බහින්නෙම නෑ, දවසෙම දවල්. මේ දවල් රෑ නැති ප්‍රශ්නය නිසා මිනිස්සුන්ගේ ජෛවීය ඝටිකාව, එහෙම නැත්තන් අපිට දවල් රෑ කියලා වෙනස දැනෙන ගතිය අවුල් වෙලා යනවා. එතකොට නිදා ගැනීමයි, ආහාර ගැනීමේ රටාවයි වෙනස් වෙනවා. අන්ධකාරයෙන් පසු වැටෙන මුල්ම හිරු කිරණ සෑම අයෙක්ම උද්දාමයට පත්කරනවා.

3. ළඟම ඇති සුපිරි වෙළඳසැල සැතපුම් 2500ක් දුරයි.

කොන්කෝඩියාවට ආසන්නම මිනිස් ජනාවාසය තියෙන්නෙ සැතපුම් 2500 එහෙමත් නැත්තන් ආසන්න වශයෙන් කිලෝමීටර් 4000ක් දුරින්. ජාත්‍යන්තර අහ්‍යවකාශ මධ්‍යස්ථානය තියෙන්නෙ පෘථිවියේ ඉදලා කිලෝමීටර් 400ක් ඉහළින්. එහෙම බලද්දි පෘථිවියේ තියන කොන්කෝඩියාවට වඩා අඩුගුවනෙ තියන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මිනිස් ජනාවාසවලට ළඟයි. ඉතින් කොන්කෝඩියාවට විශාල බරක් ගෙන එනවනම් දවස් 10ක් 12ක් වගේ කාලයක් වැයකරලා හිම යානාවලින් තමයි ඒවා අරන් එන්න වෙන්නෙ. කුඩා බර හා ආහාර ද්‍රව්‍යනම් අධික සීතලට ඔරොත්තු දෙන විශේෂ කුඩා ගුවන් යානාවලින් අරගෙන එනවා.

ළඟම තියන සුපිරි වෙළඳසැල කිලෝමීටර් 4000ක් දුරින් තිබ්බයි කියලා පරීක්ෂකයින් බඩගින්නෙ ඉන්නෙවත් පාන් කාලා වතුර ටිකක් බීලා ඉන්නෙවත් නෑ. එයාලා මස්, මාළු, කිරි, බිත්තර කාලා නැවුම් එළවලු, පළතුරු එහෙම කාලා තමයි ඉන්නෙ. ලෝකේ එක එක රටවල්වලින් ආපු පරික්ෂකයෝ ඔවුන්ට ආවේනික කෑම හදාගන්නවා. එහෙ තියන ගොඩක් කෑම වර්ගනම් සීතකරලා තමයි තියෙන්නෙ. බිත්තර තියෙන්නෙ කටුව වටේ වැක්ස් එකක් ගාලා. අයිස් ක්‍රීම් එහෙමත් ඇති.

රුසියාවෙන් ආපු ග්ලැසියර පිළිබඳ විශේෂඥයෙක් වෙන ඇලෙක්සි එක්කාකින් එයාගේ ඇන්ටාක්ටිකා ජීවිතය ගැන කතාකරමින් කියනවා.

“අද අපි හැමෝමටම පණිවිඩයක් ආවා කොන්කෝඩියාවේ තියන දියර කිරි සංචිතය අවසන් වීගෙන යනවා කියලා. ඇලුතෙන් දියරකිරි අරන් එනකන් අපිට පාවිච්චි කරන්න වෙන්නෙ පිටිකල කිරි. ඇන්ටාක්ටිකාවේ ළය මඩලට කිරි එරෙන්නෙ නැති එකනම් අපරාධයක්.”

4. ශීත සෘතුවේදි කොන්කෝඩියාව ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා වෙනවා.

ශීත සෘතුවේදිනම් කොන්කෝඩියාවෙන් පිටතට යන්න බෑ. පිටත ලෝකයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. අනපේක්ෂිත දේකට මුහුණ දෙන්න උනොත් ඉතින් තමා හිසට තම අතමය සෙවනැල්ල කියලා කියන්න තමයි වෙන්නෙ. කොහොම උනොත් කොන්කෝඩියාවේ අංගසම්පූර්ණ රෝහලක් තියනවා වගේම ගබඩා සම්පූර්ණයෙන්ම ආහාරවලින් පුරවලා, පුළුවන් හැම තැන්ම වගේ ආහාර ගබඩා කරලා තියෙන්නෙ.

සාමන්‍යයෙන් ශීත සෘතුවේදි කොන්කෝඩියාවෙ රැදී ඉන්නෙ 15 දෙනෙක්ගෙ වගේ කණ්ඩායමක් තමයි. ඔවුන්ගෙන් හැමෝටම වගේ විශේෂ හැකියාවන් දෙකක් තියනවා. උදාහරණයක් කිව්වොත් ජන නළ හදන කෙනාට ඕනෙනම් පරීක්ෂණ කටයුතුවලට සහය දෙන්න වගේම ඇරක්කැමියා ගිනිනිවන බටයෙක් විදිහටත් පුහුණුවෙලා තියෙන්න පුළුවන්.

5. කටුක පරිසර තත්වයන්ට මිනිසුන්ගේ අනුගතවීමේ හැකියාව සොයාබලන පරික්ෂකයින්

හුදකලාව පිළිබඳ හැඟීම බොහෝවිට මානසික ආතතිය ඇතිකරවන්න පුලුවන්. මේක මානසික අවපීඩන තත්වයක් දක්වා උනත් දුරදිග ගිහින් අන්තිමට මානසික රෝගී තත්වයක් ඇතිකරවන්න පුලුවන්. ඉතින් මෙහෙම කටුක පරිසරයක් තුළ හුදකලාව ඉන්නකොට මිනිස්සු ඒකට අනුගතවෙන ආකාරය පිළිබඳ දත්ත අනාගතයේ දිගු අභ්‍යවකාශ ගමන් වලදි මිනිස්සු ඒවට සූදානම් කරන්න ඕනේ කොහොමද කියලා ඉගෙන ගන්න ප්‍රයෝජනවත් වෙනවා.
විද්‍යාඥයින් කියන්නෙනම් සඳ මතුපිට හෝ අඟහරු ලෝකේ ජනාවාස පිහිටුවන්න ඕනේ කොහොමද කියන එක ගැන ඔවුන් පරීක්ෂණ කරනවයි කියලා.

සියලුම සමාජිකයින්ට විශේෂ ඩිජිටල් දිනපොත් දීලා තියන්නෙ, ඔවුන් නිදා සිටින වැඩ කරන වෙලාවන් විශේෂ ස්මාර්ට් අත් ඔරලෝසු වලින් මැන ගෙන ගබඩා කරනවා. මිනිසුන් එකිනෙකා සමඟ කොපමන කාලයක් ගතකරනවාද යන්නත් මෙමගින් මැනගන්නා අතර පසුව එම දත්ත විශේෂිත පරිගණක වැඩ සටහන් මඟින් විශ්ලේෂනය කර මිනිසුන්ගේ හැසිරීමේ වෙනස්කම් ඇත්දැයි නිරීක්ෂණය කරනු ලබන්වා.

6. වැඩම විතරක් නෙවෙයි – විනෝදයටත් ඔවුන් කැමතියි

කොන්කෝඩියාවේ සේවය කරන පරීක්ෂකයින් ඔවුනොවුන්ගේ රසායනාගාරවල සංචාරය කිරීම, හිමේ පැසි පන්දු ක්‍රීඩා කිරීම හා සාද පැවැත්වීම ප්‍රිය කරන අතර වීඩියෝ සංවාද පාසල් සිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමත් කරනවා.

කොන්කෝඩියාවේ ඉන්නෙ එක එක රටවල්වලින් ආපු කට්ටිය නිසා ඔවුන් එක්වී විදේශීය භාෂා කුසලතා ප්‍රගුණ කිරීමටත් උත්සහ කරනවා.

7. ස්නානය කරන අතරතුර මුත්‍රා කිරීම සපුරා තහනම්

කොන්කෝඩියාවේ බාවිතාකරන සියලුම ජලය හිම දියකිරීමෙන් හදපුවා, ඉතින් හිම දියකරලා වතුර හදාගන්න විශාල ඉන්ධන ප්‍රමාණයක් වැයවෙනවා. ඉතින් ස්නානයට පාවිච්චි කරපු වතුර නැවත පිරිපහදු කරලා වෙනත් වැඩවලට බාවිතා කරනවා. ඒ නිසා අඩුගානේ එහි සේවකයන්ට ඔවුන් කැමති සබන්, ෂැම්පු වර්ගයක්වත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. ඔවුන් හැමෝම පාවිච්චි කරන්න ඕනේ විශේෂ ශවර් ජෙල් වර්ගයක්. මේ පිරිපහදු පද්ධතියට වෙනස් සබන්, ෂැම්පු වර්ග පිරිසිදු කරන්න බෑ. ඒ වගේම තමයි මිනිස් බහිස්‍රාවී ද්‍රව්‍යත් පෙරලා අයින් කරගන්න බෑ. නඩත්තු සේවකයන් සෑමවිටම ජලයේ ඇමෝනියා මට්ටම පරික්ෂාකරලා බලනවා. වැරදිලා හරි ඇමෝනියා මට්ටම ඉහළ ගිහින් තිබ්බොත්, ඔවුන් ප්‍රධාන රැස්වීමෙදි ඒ බව හැමෝටම දැනුම් දෙනවා. කොහොමද ලැජ්ජාව.

යමුද ඇන්ටාක්ටිකාවේ සංචාරයක්?

Like
Like Love Haha Wow Sad Angry
311
Share: