අපි ගැන

දැනුම, විනෝදය, තාක්ෂණ හැම දෙයක්ම අඩු නැතුව ඔබට ගෙන එන හොඳම රෙසපිය හත්මාළුව

අපිට ලියන්න, කතා කරන්න

“අපිත් කන, අපිවත් කන අන්නාසි” 🤔 මොකක්ද ඒ කියලා තියන හරුපෙ. ඔයාලා එහෙමත් කල්පනා කරනවා ඇති. අපි අන්නාසි කන බව ඔයාලා දන්නවනෙ. අන්නාසි ගෙඩිය සුද්ද කරලා කන හැටිත් දන්නවා ඇතිනෙ. සුද්ද කරන්න නොදන්නවා උනාට කන හැටිනම් අනිවාර්‍යයෙන්ම හැමෝම දන්නවා. ඒත් අන්නාසිවලට අපිව කන්න පුලුවන් කියලා දැනගෙන හිටියද?

අපි කන අන්නාසිවල තියනවා Bromelain (බ්‍රෝමලේන්) කියලා එන්සයිමයක්, ඉතින් මේ එන්සයිමයට පුලුවන් ප්‍රෝටීන් ජීරණය කරන්න. ඒ කියන්නෙ මස් දියකරන්න. ඉතින් අපි පැණි බේරෙන අන්නාසි කෑල්ලක් කන්නෙ නැතුව කට ඇතුලේ තියන් හිටියොත් එයා අපේ දිවේ මස් දියකරන්න පටන් ගන්නවා. සමහරවිට ඔයාලටත් අන්නාසි කෑල්ලක් කද්දි පොඩි අමුත්තක් වගේ කට ඇතුලෙ දැනිලා ඇති. බය වෙන්න දෙයක් නෑ. බ්‍රෝමලේන් අපේ ආමාශයට ඇතුලු උනාට පස්සෙ ඒ ඉන්සයිමය අපේ අමාශික යුෂ මඟින් බිද හෙලනවා. ඒ නිසා අන්නාසි කෑල්ල අපේ බඩ ඇතුලේ ඉදන් අපිව කයි කියලා බයවෙලා අද ඉදන් අන්නාසි කන එක නවත්තන්න එපා. අන්නාසි දණ්ඩෙත් මේ බෝමලේන් එන්සයිමය තියනවා ඒ නිසා අන්නාසි ගොවිපොලවල්වල සේවය කරන බෝහෝ සේවකයන්ගේ ඇඟිලිවල අත් සලකුණු මැකෙනවා කියලා තමයි කියන්නෙ.

බ්‍රෝමලේන් කියන්න නරක එන්සයිමයක් නෙවෙයි. බ්‍රෝමලේන් වෛද්‍ය විද්‍යාවේ හොඳ පිළිගැනීමක් තියන වටිනා එන්සයිමයක් රෝග ගොඩකට ප්‍රතිකාර කරන්න මේ එන්සයිමය බාවිතා වෙනවා.

දැන් අපි බලමු බ්‍රෝමලීන් වල තියන ප්‍රයෝජන, එහෙමත් නැත්තන් අන්නාසි කන එකේ තියන වාසි.

මුලින්ම කියන්නෙ අන්නාසි කන එකේ නෙවෙයි අන්නාසි ඇඟේ ගාන එකේ වාසියක්, පිළිස්සුම් තුවාලවල මැරුණු හම ඉවත්කරන්න අන්නාසි යුෂ බාවිතාකරන්න පුලුවන්. ඒ වගේ කටේ හා නාසය ආශ්‍රිත දැවිල්ල හා ඉඳිමුම්වලට ප්‍රතිකාරයක් ලෙස අන්නාසි බාවිතා වෙනවා.

ඔස්ටියෝආතරයිටීස් රෝගීන්ට හා මාංශ පේශීන්වල කැක්කුම තියන රෝඟීන්ට අන්නාසි කන එක හොඳයි කියලා තමයි සදහන් වෙන්නෙ. ඒ වගේම තමයි හදවත් රෝගීන්ට, අධි රුධිර පීඩනයෙන් පෙළෙන කට්ටියට, ඇදුම රෝගීන්ට මෙන්ම පිළිකා රෝගීන්ටද අන්නාසි කන එක හොඳයි කියලා තමයි කියන්නෙ. ඔයලගේ කවුරුහරි මේ ලෙඩවලින් පෙළෙනවනම් ඔයාලගේ දොස්තර මහත්තයගෙනුත් අහලා බලන්නකො අන්නාසි කන එක හොඳද කියලා.

Like
Like Love Haha Wow Sad Angry
3
Share:

Avatar

administrator